Wednesday, July 09, 2025
Follow Us
මාධ්‍යවේදීන්ට අත තබා ජාත්‍යන්තරයේ කළු පැල්ලම් ඇති කර නොගන්න - මාධ්‍ය සංවිධාන ආණ්ඩුවට කියයි

මිරිහාන ප්‍රදේශයේදී පෙරේදා රාත්‍රියේ ඇතිවූ සිද්ධියේදී ආරක්ෂක අංශ ජනමාධ්‍යවේදීන්ට පහරදීම තරයේ හෙළා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසනවා. එහි කැඳවුම්කරු ලසන්ත ද සිල්වා පැවසුවේ එහිදී උල්ලංඝනය වී ඇත්තේ ජනමාධ්‍යවේදීන්ගේ භාෂණයේ හා ප්‍රකාශණයේ අයිතිය පමණක් නොවන බවයි.

රට බැරෑරුම් අවස්ථාවකට මුහුණදී ඇති පසුබිමක මෙවැනි සිද්ධීන් මඟින් ජාත්‍යන්තර වශයෙන් රටේ ප්‍රතිරූපයට සිදුවන අහිතකර බලපෑම ආණ්ඩුව අවබෝධ කරගත යුතු බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලසන්ත ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.

මිරිහානේ ඇතිවූ සිද්ධියේදී ජනමාධ්‍යවේදීන්ට එල්ලවූ ප්‍රහාරය හෙළා දකින බව “රට වටා මාධ්‍යවේදියෝ” සංවිධානයද පවසනවා.

(Neth)