Friday, February 06, 2026
Follow Us
කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන කටයුතු ඇරඹේ

කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන කටයුතු අද පෙරවරුවේ යළි ආරම්භ කෙරුණා. ඒ, එම බලාගාරයට අවශ්‍ය ඩීසල් ලීටර මිලියන 1 යි දශම 2 ක තොගයක් ලැබීමත් සමගයි. ඒ අනුව අද උදෑසන 08 ට පමණ කැළණිතිස්ස බලාගාරයේ කටයුතු යළි ආරම්භ කෙරුණු බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

එම ඩීසල් තොගයෙන් කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජී ටී 07, විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කර තිබෙනවා. එම ඩීසල් තොගය කැලණිතිස්ස බලාගාරයේ පැය 36 ක විදුලි ජනනය සඳහා පමණක් ප්‍රමාණවත් බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ. ඩීසල් නොමැතිවීම හේතුවෙන් කැළණිතිස්ස බලාගාරය සම්පූර්ණයෙන් අක්‍රීය වූයේ ඊයේ පස්වරුවේදීයි.

(Neth)