Friday, February 06, 2026
Follow Us
පෞද්ගලික බස් ධාවනය නවතින ලකුණු

අද උදෑසන වනවිට පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ධාවනයේ අඩුවක්


අද පස්වරුව වනවිට පෞද්ගලික මගී ප්‍රවාහන බස්රථ ධාවනය මුළුමනින්ම අඩාල වනු ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඔහු කියා සිටියේ අද උදෑසන වනවිට පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ධාවනය කරනු ලැබුවේ සියයට 10ක පමණ අඩු සංඛ්‍යාවක් බවයි.

මේ අතර, රජය පොරෙන්දු වූ පරිදි පෞද්ගලික බස් රථ වලට ඩීසල් ලබා නොදීමට එරෙහිව නුවරඑළිය නගරයේ දී විරෝධතා පා ගමනක් පැවත් වුණා.

(Aruna)