Friday, February 06, 2026
Follow Us
ගෝඨාභය ජනාධිපති වෙද්දී අපට තිබුණු සතුට දැන් ඇත්තේම නෑ – මුරුත්තෙට්ටුවේ හිමි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහු වටා සිටින කේවට්ටයින්ගේ උපදෙස් අනුව ඉදිරි ගමන යෑමට සැරසෙන්නේ නම් තමන්ටත් ඉතාම ඉක්මනින් වෙන පැත්තක් බලාගැනීමට සිදුවනු ඇති බවට කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

“ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට එනකොට අපි හැමදෙනාටම තිබුණු සතුට අද ඇත්තේම නෑ. අපි දැක්කෙ නෑ කවදාවත් මේ වගේ පෝලිම් යුගයක්. පක්ෂ – විපක්ෂ හැම කෙනාගෙන අප්‍රසාදය අද දවසින් දවස සතියෙන් සතිය වර්ධනය වෙමින් පවතිනවා මට පේනවා. එතුමාට වැරදිච්චි තැන තමයි මේ ආණ්ඩුවේ කළමනාකරණයකුත් නෑ, අධීක්ෂණයකුත් නෑ, සුදුස්සෝ සුදුසු තැන්වලත් නෑ. අර නිස්සන් නිසි තැන්වල වැජඹේවා කියන එක අද මේ ආණ්ඩුව තුළ නෑ. ජනාධිපතිතුමාට කියන්නෙ, දැන්වත් ඔබතුමා අඩුපාඩු හොයන්න. වුණේ මොකක්ද කියලා හොයන්න. ඇහුම්කන් දෙන්න ගෝඨාභය මහත්තයෝ. ඔය වටේ ඉන්න කේවට්ටයෝ ටික කියන දේවල් අහගෙන ඔබතුමා ඉදිරි ගමන යන්න යනවා නම් අපටත් සිද්ධවෙයි බොහෝම ඉක්මනින් වෙන පැත්තක් බලාගන්න”

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ ඊයේ (31) නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)