වර්ෂාව පිළිබඳ තැබූ පුරෝකථනයන් වැරදී ජලාශවල ඒ වනවිටත් එක්රැස්වී තිබූ ජලය විදුලි උත්පාදනයට ලබානොගෙන කෘෂිකාර්මික කටයුතු සඳහා මුදාහැර ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
නෙත් නිවුස් කළ සොයාබැලීමකදී හෙළි වුණේ ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ වර්ෂාව ලැබෙනු ඇතැයි පුරෝකථනය කර ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවල ජලාශවල රැස්වී තිබූ ජලය අඩුකර ඇති බවයි.
කෙසේවෙතත් පුරෝකථනය කළ පරිදි දෙසැම්බර් මාසයේදී අපේක්ෂිත වර්ෂාපතනයක් ලැබුණේ නැහැ. පිරී ඉතිරී ගොස් තිබූ ජලාශ ඉතා කෙටිකලක් තුළ හිස්වීම මේවනවිට පවතින විදුලි අර්බුදයට ද ප්‍රධාන හේතුවක්. එසේ ජලාශවල ජල මට්ටම අඩුවීමට ජලාශවල ජලය අඩුකිරීම ද හේතුවූයේ දැයි නෙත් නිවුස් මහවැලි අධිකාරියෙන් ප්‍රශ්න කළා.
ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල සංචිතය සියයට 27ක් දක්වා පහත බැස ඇත්තේ ජාතික විදුලි පද්ධතියට ජල විදුලි උත්පාදනයේ දායකත්වය සියයට 13ත් 14ත් දක්වා පහත දමමින්.
(Neth)