Friday, February 06, 2026
Follow Us
ඩීසල් මෙට්ට්‍රික් ටොන් 80,000ක් දින 05 ක් තුළ දිවයිනට

ඉදිරි දින 05 ක කාලය තුළ ඩීසල් මෙට්ට්‍රික් ටොන් 80,000 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට පැමිණීමට නියමිතයි. ඒ, ඉන්දීය ණය පහසුකම් යටතේයි. එහි පළමු ඩීසල් තොගය අද රාත්‍රියේ පැමිණීමට නියමිතයි.

එමගින් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 38, 500 ක් මෙරටට රැගෙන ඒමටයි සැලසුම් කර ඇත්තේ. තවත් නෞකාවක් ලබන 05 වනදා මෙරටට පැමිණීමට නියමිතයි. එමගින් ද ඩීසල් මෙට්ට්‍රික් ටොන් 38,500 ක් මෙරටට රැගෙන එනු ඇති.

කෙසේවෙතත් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 37, 500 ක් රැගත් නෞකාවක් මෙරට මුහුදු සීමාවේ තවදුරටත් නැංගුරම් ලා තිබෙනවා. ඒ, ඊට අදාළ ඩොලර් මිලියන 52 ක මුදල මෙතෙක් ගෙවීමට නොහැකිවීම හේතුවෙන්. එම ඉන්ධන තොගය මෙරටට ආනයනය කර ඇත්තේ සිංගප්පූරුවෙන්.

එම නෞකාවේ ඉන්ධන ගොඩබෑමට නියමිතව තිබුණේ ඉකුත් 29 වනදායි. මේවනවිට රට තුළ පවතින ඩීසල් හිගයට ප්‍රධාන හේතුව වූයේ ද මෙම නෞකාවේ ඉන්ධන තොග ගොඩබෑමට නොහැකිවීමයි.

(Neth)