Friday, February 06, 2026
Follow Us
විදුලිය නොමැතිව ඔසුසැල්වල ඖෂධ ගැනත් ප්‍රශ්නයක්

අඛණ්ඩව සිදුවන විදුලි කප්පාදුව හේතුවෙන් ඔසුසැල්වල ඖෂධ ගබඩා කර තැබීමේදී ගැටළු රැසක් පැනනැගී ඇතැයි ඖෂධවේදීන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ඇතැම් ඖෂධ අනිවාර්යයෙන්ම ශීතකරණයක් තුළ තැබිය යුතු බවයි. කඩින්කඩ විදුලිය විසන්ධිවීමෙන් එවැනි ඖෂධවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලු ඇතිවිය හැකි බව ඖෂධවේදීන් පෙන්වා දෙනවා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඖෂධ වෙළඳ සංගමයේ සභාපති ඖෂධවේදී කපිල ද සොයිසා පැවසුවේ ඔසුසැල්වල ඖෂධ අලෙවියද සියයට 50 කින් පමණ අඩුවී ඇති බවයි.

මෙරට ඔසුසැල්වලින් විදුලිජනන යන්ත්‍රයක් ඇත්තේ සියයට 10 කට පමණක් බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

(Neth)