Friday, February 06, 2026
Follow Us
ඩීසල් නෑ. ලැබෙයි කියලා විශ්වාසයකුත් නෑ. සියලුම පෞද්ගලික බස් සඳුදාට නවතීවි – ගැමුණු

ඩීසල් අර්බුදය මේ වනවිට උඝ්ර වී ඇති බැවින් සඳුදා දිනය වනවිට සියලුම පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් කරගැනීමට සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

“ඩීසල් අර්බුදය බරපතළ විදියට පෞද්ගලික බස් රථවලට බලපාලා තියෙනවා. ඩීසල් ලැබෙන්නේ කවදාද කියලා අපට ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ ඉදිරි දින දෙක තුළ ඩීසල් හම්බුවෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නෙ නෑ. කෙසේවෙතත් සඳුදා දිනය වනවිට බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම නවත්තන්න අපට සිදුවේවි. මොකද අපට ඩීසල් නැතුව වතුරෙන් බස් රථ ධාවනය කරන්න බෑ. ලංගමයෙන් ඩීසල් ලබාදීම පැහැර හැරලා තියෙනවා”

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මේ බව පැවසුවේ අද (31) දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමිනි.

(LNW)