Wednesday, July 09, 2025
Follow Us
තේ වතුවල වැඩ නවතී

විදුලි කප්පාදුව පැය 10 ක් දක්වා දීර්ඝ කිරිම සහ සිය තේ වතුවලට අවශ්‍ය ඩීසල් නොමැතිවීම හේතුවෙන් හෙට සිට තේවතුවල දෛනික වැඩකටයුතු සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගන්නා බව වතු අධිකාරිවරුන් පවසනවා.

විදුලිය කප්පාදු කෙරෙන අවස්ථාවලදී තේ කර්මාන්තශාලාවන්හි තේ කුඩු නිෂ්පාදනය සඳහා විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට ඩීසල් විශාල ප්‍රමාණයක් අවශ්‍ය බවයි වතු අධිකාරිවරුන් පවසන්නේ. තේ දළු ප්‍රවාහනයේ සිට තේ කොළ නිෂ්පාදනය දක්වා විදුලිය අත්‍යවශ්‍ය වනවා.

නියමිත වේලාවට තේ කුඩු නිෂ්පාදනය කිරීමට නොහැකිවුවහොත් කර්මාන්තශාලාවේ යන්ත්‍රවල තිබෙන අමු තේ දළු සම්පූර්නයෙන් විනාශ වන බවයි වතු අධිකාරිවරුන් පවසන්නේ. තේ දළු නිසි වේලාවට නෙළීමට නොහැකිවුවහොත් දළු අධික ලෙස වර්ධනය වීමෙන් එම දළු ඉවත් කිරීමට ද සිදුවන බව වතු අධිකාරිවරුන් පෙන්වා දෙනවා. මේ හේතුවෙන් තේ කර්මාන්තශාලාවලට අවශ්‍ය ඉන්ධන ලබාදීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙයසි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.

(Neth)