වැඩි මිලට ගෑස් අළෙවි කරන හෝ ගෑස් සඟවා තබා ගෙන සිටින අළෙවිකරුවන්ගේ බලපත්‍රය අවලංගු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති තෙෂාර ජයසිංහ පැවසුවේ එවැනි ස්ථාන සොයා පොලීසිය, පාරිභෝගික සේවා අධිකාරිය සහ ලිට්‍රෝ සමාගම එක්ව තවදුරටත් වැටලීම් සිදුකරන බවයි.
පවතින තත්ත්වය හමුවේ ඉදිරි මාසයේදී ගෑස් සපයනු ලබන්නේ මීට පෙර ගෑස් සැපයූ සමාගම විසින් බවයි නෙත් නිවුස් කළ ප්‍රශ්න කිරීමකදී ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.
අප්‍රේල් මාසය සදහා ගෑස් මෙට්ට්‍රික් ටොන් 30,000 ක් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සකස් කරමින් ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
(Neth)