Tuesday, September 16, 2025
Follow Us
විදුලි කප්පාදුවෙන් අන්තර්ජාල සේවාත් බිද වැටේ

ජංගම දුරකථන සමාගම් වලින් විශේෂ දැනුම්දීමක්


රට තුළ දෛිනකව සිදුවන විදුලි කප්පාදුව හේතුවෙන් ජංගම දුරකතන සේවා සපයන ආයතන කිහිපයක් මේ වන විට දැඩි ගැටළුවකට මුහුණ දී ඇත.

ඒ දිගු වේලාවක් විදුලි කප්පාදුව සිදුවීම හේතුවෙන් ඔවුන්ගේ 3G සහ 4G සම්ප්‍රේෂණ ජාල පද්ධතිවලට බාධා ඇතිවීම හේතුවෙනි.

අදාළ ජංගම දුරකථන සේවා සපයන සමාගම් විශේෂ දැනුම්දීමක් කරමින් සදහන් කරන්නේ විදුලි කප්පාදුව සමඟ විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමටද ඉන්ධන හිඟය හේතුවෙන් බාධා එල්ලවී ඇති බවයි.

විදුලිය සහ ඉන්ධන නොමැතිවීමෙන් මේ වන විට අන්තර්ජාල පහසුකම් සැපයීම ද බිදවැටීමේ අවධානමකට ලක්ව තිබේ.

(Aruna)