Wednesday, July 09, 2025
Follow Us
පළාත් කිහිපයකට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්


පළාත් කිහිපයකට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්කවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය ඉතා ඉහළ බව සදහන් වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසුවේ ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම ඉදිරි දිනවලදී ඇරඹෙන බැවින් මෙලෙස ශරීරයට දැනෙන උෂ්ණත්වයේ ඉහළයාමක් සිදුවන බවයි.
මේ හේතුවෙන් වැඩි වේලාවක් හිරු එළියට නිරාවරණයවීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බවත්, ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම, හැකි තරම් සෙවණ ඇති ස්ථානවල විවේකගැනීම, වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ අවධානයෙන් පසුවීම, කුඩා ළමුන් තනිව වාහනවල රඳවා නොයාම, අධික වෙහෙසකාරී කටයුතුවල යෙදීමෙන් වැළකීම, සුදු හෝ ලා පැහැ සැහැල්ලු ඇඳුම් ඇඳීම වැනි උපදෙස් අනුගමනය කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

(Aruna)