Wednesday, July 09, 2025
Follow Us
ලිට්‍රෝ ගෑස් මිල යළි වැඩි කරන්න ඉල්ලයි

ලිට්‍රෝ සමාගමට බිලියන 4.5ක අලාභයක්


ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට අදාළ ඉල්ලීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ලංකාවේ දෛනික අවශ්‍යතාවයට වඩා ගෑස් සිලින්ඩර 30,000ක් පමණ වෙළෙඳපොළට නිකුත් කරන බවත් පසුගිය දවස් 10 තුළ මිලියනයකට ආසන්න හෝ අධික ගෑස් සිලින්ඩර ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් වූ බව ඔහු පවසයි.

අප්‍රේල් මාසය සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 30,000 ඇණවුමක් මේ වනවිට සකස් කරලා තිබෙන බව ඔහු සඳහන් කලේය.

“ගෑස් මිල වැඩි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කරලා තියෙන්නේ. කොච්චර මුදලකින් වැඩි වෙනවා ද කියලා දැම්ම කියන්න බෑ. ඒවා ආයතනය තුළ රහස්‍ය තොරතුරු. සති දෙකක් හෝ තුනක් යනකම් මිල වැඩිකිරීමක් කරන්නේ කෑ කියලා තීරණයක් අරගෙන නෑ. මේ වනවිටත් අපි රුපියල් බිලියන 4.5ක පමණ අලාභයක් සමගයි යන්නේ. මෙහෙම පාඩු ලබද්දී කොහොමද ඊළඟට ගෑස් ගෙන්නන්නේ.”

(Aruna)