Wednesday, July 09, 2025
Follow Us
අද සහ හෙට නිවසේ සිට වැඩකිරීමේ ක්‍රමවේදයකට යන්න – PUCSL

“ඉදිරි දවස් කිහිපය ඉතාම අසීරු තත්ත්වයක තමයි ජීවත් වෙන්න වෙන්නේ”


අද (30) සහ හෙට (31) රාජ්‍ය ආයතනවල නිවසේ සිට වැඩකිරීමේ ක්‍රමවේදයකට යන්නැයි රජයට නිර්දේශ කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දුන්නේ විදුලි අර්බුදය හේතුවෙන් එම පියවර ගන්නා ලෙසටයි.

එමෙන් ඉදිරි දින කිහිපයේදී ජනතාවට ජීවත්වීමට ඉතා අසීරු තත්ත්වයක් උදාවනු ඇතැයි ද ඔහු සදහන් කරයි.

“මේ තත්ත්වය එන්න එන්නම බැරෑරුම් වෙනවා. මේ සඳහා අවශ්‍ය නිසි පියවර කිසිම ආයතනයක් මගින් ලබාගෙන නෑ. විදුලි අර්බුදය ඇතිවෙලා තියෙන්නේ මූල්‍ය අර්බුදය නිසා.”
“අද සහ හෙට කියන දවස් දෙක අපි රජයට නිර්දේශ කළේ රජයේ ආයතනවලට නිවසේ සිට වැඩකිරීමේ අවස්ථාව සලසා දෙමින් මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට.”
“ඉදිරි දවස් කිහිපය ඉතාම අසීරු තත්ත්වයක තමයි ජීවත් වෙන්න වෙන්නේ.”

(Aruna)