Friday, February 06, 2026
Follow Us
යල කන්නයත් අසාර්ථක උනොත් සහල් පෝලිම් ඇති විය හැකි බවට අනතුරු ඇගවීමක්

පසුගිය මහ කන්නයට සාපේක්‍ෂව යල කන්නයේ වී අස්වැන්න තවත් අඩු විය හැකි බවට ගොවීන් අනතුරු අගවනවනා. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ යල කන්නයේ ගොවින්ට වගා කිරීමට අවශ්‍ය පසුබිම රජය විසින් මෙතෙක් සකස් කර නොමැති බවයි.

එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙර මහ කන්නයේ වගා හානී සදහා වන්දි මුදල් ලබාදීමට රජයට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ අතර යල කන්නය අසාර්ථක වී අස්වැන්න අඩුවුවහොත් සහල් කිලෝවක මිල රුපියල් 300 ද ඉක්මවා යනු ඇති බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති මුදිත් පෙරේරා පැවසුවේ සහල් මිලදි ගැනීමට ද පාරිභෝගිකයන්ට ඉදිරියේදී පෝලීම්වල රැදී සිටීමට සිදු විය හැකි බවයි.

(Neth)