Wednesday, July 09, 2025
Follow Us
බස් ධාවනයෙන් ඉවත්වෙන්න හදයි

පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයෙන් හදිසි තීරණයක්


ඩීසල් හිගයට පිළිගත හැකි විසඳුමක් ලබා නොදුනහොත් ලබන සතියේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඩීසල් නොමැති වීමෙන් බස් කර්මාන්තය පවත්වාගෙන යාම විශාල ගැටලුවක් බවට පත්ව ඇති බවත් මේ හේතුවෙන් අන්තර් පළාත ඇතුළු බස් රථ හිමියන් සමග සාකච්ඡා කොට මෙම තීරණයට එළැඹි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

පෞද්ගලික බස් රථ සංගම් වලට අමතරව, පාසල් වෑන් රථ, බහාලුම් ප්‍රවාහන රථ ආදී සියලුම ප්‍රවාහන සංගම් සමඟ සාකච්ඡා කර දැවැන්ත ක්‍රියා මාර්ගයට යොමුවන බව ඔහු පැවසීය.

බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ මගින් ඉන්ධන ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කළත් ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා මේවන විට ඉන්ධන නොලැබෙන බව ඔහු සඳහන් කරයි

ඩීසල් හිඟයෙන් මේ වන විට බස්රථ දස දහසකට අධික ප්‍රමාණයක් ධාවනයෙන් ඉවත්ව ඇති බවත් අද(29) දිනයේ ධාවනය වූයේ බස්රථ හය දහසකටත් අඩු සංඛ්‍යාවක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(Aruna)