සීගියේ හෝටල් හිමිකරුවෙකු පොලිස් අත්අඩංගුවට
ශ්‍රී ලංකාවේ සංචාරක නිරතවිමට පැමිණි බෙල්ජියම් ජාතික කාන්තාවක් රවටා ඇයගේ ලිංගික ස්ථාන අතපතගාමින් ඇයව අපහරණය කිරීමට උත්සහකළ සීගිරිය ඇහැලගල ප්‍රදේශයේ හොටෙල් හිමිකාරයෙක් සිගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බෙල්ජියම් ජාතික ෆ්ලෝරා එළිනා ෆියර් (33) නම් සංචාරක කාන්තාවක් විසින් 2022 03 28 දින සීගිරිය පොලිසියට සිදුකල පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ ( 28) පස්වරුවේ සිදුකර ඇත.
මෙම කාන්තාව විවිධ රටවල සංචාරය කරමින් අදල රටවල් පිලිබදව සඟරාවන් සදහා ලිපිලියන බවද මෙවර ලංකාව පිලිබදව ලිපියක් ලිවිමට මෙරටට පැමිණ ඇති බවක් පැවසේ. එසේ පැමිණි ඇය අන්තර් ජාලය ඔස්සේ වෙන්කරගත් සිගිරිය ප්‍රදේශයේ සංචාරක නවාතැන් පොළක නවාතැන් ගෙන ඇත.
එසේ නැවතුන මෙම කාන්තාව සමග කතාබහ කළ එම හොටෙල් හිමිකරු තමා චීන කටු චිකිස්සකවරයෙකු බවත් විවිධාකාර ලෙඩ රෝග සදහා ප්‍රථිකාර කළ හැකි බවද පවසා ඇති අතර ඇගේ කොන්දේ වේදනාවක් පිලිබදව පැවසිමෙන් පසු එයට ක්ෂණිකව ප්‍රථිකාර කළ හැකිබව පවසා ඇගේ ශරීරයේ විවිධ ස්ථාන අතපත ගාමින් තෙරපීමි කළ බවත් පසුව තම පියයුරු හා ලිංගික ස්ථානද තෙරපීමට උත්සහ කළ බව පවසා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
මෙම සිදුවිමෙන් පසු අදාල හෝටලයෙන් පලාගිය සංචාරක කාන්තාව සීගිරිය ප්‍රදේශයේ වෙනත් සංචාරක නවාතැන් පොලක් වෙත වෙතගොස් සීගිරිය පොලීසියට පැමිණ පැමිණිලි කර ඇත.
ඒ අනුව ක්‍රියාත්මකවු සීගිරිය පොලීසිය මගින් අදාල සිද්ධියට සැකකරුවන සිගිරිය ඇහැලගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන රන්පටි දේවගේ ධම්මික විජේකුමාර (49) නැමැති පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
සිගිරිය පොලීසිය මෙහෙයවීමෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරයි.
අදාල පුද්ගලයා 29 (අද) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(Aruna)