Wednesday, July 09, 2025
Follow Us
ෆයිසර් එන්නතට කැමති අයට අලුත් අවස්ථාවක්

ෆයිසර් එන්නත ගැන තීරණයක් ගනී


පළමු සහ දෙවැනි මාත්‍රාව වශයෙන් ෆයිසර් එන්නත ලබා ගැනීමට ජනතාවට අලුතින් අවස්ථාව සලසා දී ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.

දරුවන් හැරුණු විට අනෙකුත් අයට ෆයිසර් එන්නත් මාත්‍රාව මෙතෙක් ලබා දුන්නේ තෙවැනි මාත්‍රාව ලෙස පමණි.

සාමාන්‍යයෙන් ඇතැම් රටවලට යෑමේදී ෆයිසර් එන්නත ලබා ගැනීම විශේෂ වාසියක් වන හෙයින් එවැනි අයට නව අවස්ථාව ලොකු පහසුවක් වනු ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කරයි.

මෙරට දැනට පවතින ෆයිසර් එන්නත් මාත්‍රා බොහොමයක් ලබන අගෝස්තු මාසයේදී පමණ කල් ඉකුත්වීමට නියමිත බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.

(Aruna)