Thursday, April 09, 2026
Follow Us
ඉන්ධන හිඟයක් නෑ

ඛනිජ තෙල් සංස්ථාවෙන් පැහැදිලි කිරීමක්


ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණ ද රට තුල ඉන්ධන හිඟයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.

ජනතාව අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්ධන රැස්කර ගැනීම හේතුවෙන් පිරවුම්හල්වල ඉන්ධන නිකුත් කිරීමේ ප්‍රමාදයක් පවතින බව ඔහු සඳහන් කරයි.

IOC සමාගමේ ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් මේ වන විට සිපෙට්කෝ පිරවුම්හල් වෙත ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වෙන බව ඔහු පවසයි.

(Aruna)