Wednesday, July 09, 2025
Follow Us
සති 02 ක් යනතුරු ගෑස් මිලෙහි සංශෝධනයක් නැහැ - ලිට්‍රෝ සමාගමෙන් තීරණයක්

තවත් සති දෙකක පමණ කාලයක් ගතවන තුරු ගෑස් මිල සංශෝධනයක් සිදු නොකිරීමට ලිට්‍රෝ සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඉකුත් දිනවල පැවැති ගෑස් හිගය හේතුවෙන් ගෑස් අලෙවි නියෝජිත මධ්‍යස්ථාන ඉදිරිපිට තවමත් පෝළිම් පවතින බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ. එබැවින් මේ මොහොතේ ගෑස් මිල සංශෝධනයක් සිදුකළ හොත් එම තත්ත්වය තවත් උග්‍ර වනු ඇතැයි ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේ.

මේ අතර ලිට්‍රෝ සමාගම විසින් දෛනිකව වෙළඳපලට ගෑස් සිලින්ඩර එක්ලක්ෂ 20 000 ක් සපයනු ලබනවා. එලෙස දෛනිකව වෙළඳපලට සපයන ගෑස් සිලින්ඩර ප්‍රමාණය වැඩි කිරීමටයි එම සමාගමේ අවධානය යොමුව ඇත්තේ.

ඒ අනුව සිලින්ඩර පිරවීමේ ධාරිතාව වැඩිකිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා ගැනීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර දෛනික සැපයුම ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා ගැනීමට ද ලිට්‍රෝ සමාගමේ අවධානය යොමුව තිබෙනවා.

(Neth)