Wednesday, July 09, 2025
Follow Us
ගැස් බෙදාහැරීමට තවත් බාධාවක්

පාරිභෝගික ජනතාවගේ හැසිරීම හේතුවෙන් ගෑස් බෙදා හැරීමේ කටයුතුවලට බාධා මතුව ඇති බව ලිට්රෝ සමාගම පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ ලිට්රෝ සමාගමේ සේවකයින් 13 දෙනෙකු මේ වන විට පාරිභෝගික ජනතාවගේ පහරකෑමට ලක්ව ඇති බවයි.

ගෑස් සිලින්ඩර් ප්‍රවාහනය කරන ලොරි රථ 08 ක සේවකයින් 10 දෙනෙක් සහ බෙදාහැරීමේ නියොජිත ස්ථානයක සේවකයින් තිදෙනෙකු මෙලෙස පහර කෑමට ලක්ව තිබෙනවා.

සතියක් තුළ මෙරටට ලගාවී ඇති ගෑස් නෞකා ගණන 04ක්. අද දිනයේද ගෑස් මෙට්ට්‍රික් ටෝන් 3,500 ක් රැගත් නෞකාවක් මෙරටට ළගා වීමට නියමිත බවයි ලිට්රෝ සමාගම පැවසුවේ.

මේ වන විට දෛනිකව වෙලදපළට නිකුත් කරන ගෑස් සිලින්ඩර ප්‍රමාණය එක් ලක්ෂ 20,000ක්. දැනට පවතින ගෑස් තොග සති දෙකකට පමණ ප්‍රමාණවත් බවයි ලිට්රෝ සමාගම පැවසුවේ. එබැවින් අනවශ්‍ය කලබලයකින් තොරව ගෑස් මිලදී ගන්නා ලෙසයි ලිට්රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

(Neth)