රසකැවිලි නිෂ්පාදකයෝ ගත් තීරණය
මේ වන විට සෑම ආහාර ද්‍රව්‍යයකම මිල වාර්තාගත ලෙස ඉහළ යෑම හේතුවෙන් අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් නිෂ්පාදනය කරනු ලබන රස කැවිලිවල මිල ගණන් වැඩි කිරීමට සිදුවනු ඇතැයි රසකැවිලි නිෂ්පාදකයෝ පැවසූහ.
ඔවුන් පෙන්වා දුන්නේ රසකැවිලි නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වන සීනි, සහල් හා මුං ඇට ඇතුළු සෑම ද්‍රව්‍යකම මිල මේ වන විට පෙර නොවූ ලෙස ඉහළ යෑමත් පොල්තෙල් බෝතලයක මිල රුපියල් 900 ඉක්මවා යෑමත් හේතුවෙන් කැවිලිවලට නිශ්චිත මිලක් තීරණය කිරීම අසීරු බවයි.
මීට පෙර රුපියල් පහළොවක් විස්සක් වූ කැවුමක් තිහකටත්,විසිපහකට තිබූ කොණ්ඩ කැවුම් රුපියල් 50කටත් රු.35-40 අතර පැවැති මුං කැවුමක් අවුරුදු සමය වන විට රුපියල් 50-55ත් අතර මිලකටද, රුපියල් 12-15ත් අතර පැවැති කොකිස් ගෙඩියක මිල රුපියල් 20කටද, රුපියල් 60කට පැමැති ආස්මි ගෙඩියක් රුපියල් 80-100ක් අතර මිලකට සහ රුපියල් 25ට පැවැති පැණිවළල්ලක් රුපියල් 35-40ක් දක්වාද ඉහළ දමා ඇතැයිද ඔවුහු පැවසූහ. එසේම මේ වන විට දොදොල් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 700-1000ත් අතර මිලකටය.
ගෑස් සපයා ගැනීමේ අපහසුතාවය සහ මිල ඉහළයෑම හේතුවෙන් කැවිලි නිෂ්පාදකයන් බොහොමයක් දර භාවිතය සඳහා යොමු වී ඇත. එනමුත් දර මිටියක මිලද නොසිතූ ලෙස ඉහළ ගොස් ඇතැයි ඔවුහු කීවෝය. අලුත් අවුරුදු සමය වන විට නගරාසන්න ප්‍රදේශවලින් තම කැවිලි සඳහා විශාල ඇණවුම් ප්‍රමාණයක් ලැබුණද මෙම වසරේදී එම ඇණවුම් සංඛ්‍යාව අඩුවනු ඇතැයිද ව්‍යාපාරිකයෝ සඳහන් කළහ. මේ හේතුවෙන් තම කර්මාන්තය පවත්වාගෙන යෑම දිනෙන් දින දුෂ්කර වී ඇතැයි රසකැවිලි නිෂ්පාදකයෝ පැවසූහ.
(Aruna)