Wednesday, July 09, 2025
Follow Us
ශීතකළ ආහාර මිලදී ගන්නේ පරිස්සමෙන්

PHI සංගමයෙන් දැනුම්දීමක්


විදුලි කප්පාදුව හේතුවෙන් වෙළෙඳසැල්වල ශීතකරණ තුළ අලෙවියට තබා ඇති ආහාර ද්‍රව්‍ය නියමිත දිනට පෙර කල් ඉකුත්විමේ තත්ත්වයක් උදාවී ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මාර්තු මස මේ දක්වා කාලය තුළ සිදුකළ වැටලීම් වලින් එවැනි ආහාර අලෙවි කළ වෙළෙඳුන් 407කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බව එහි සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

එම නිසා ශිතකරණ තුළ අලෙවියට තබා ඇති ආහාර මිලදී ගැනීමේදී වැඩි අවධානයක් යොමු කරන ලෙස උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

(Aruna)