රට තුළ මතුවූ කඩදාසි හිඟය තවදුරටත් උත්සන්නවී තිබෙනවා. ඒ, පවතින ඩොලර් හිඟය හේතුවෙන් කඩදාසි ආනයනය අතිශය සීමා සහිත වීමත් සමඟයි. නෙත් නිවුස් කළ වෙළඳපොල සංචාරයකදී දැකගත හැකිවූයේ වෙළඳපොලේ කඩදාසි තොග ඉතා අවම මට්ටමක පවතින බවයි.
එමෙන්ම ඒවායේ මිලද දිනෙන් දින ඉහළ යන අයුරු එහිදී දැකගත හැකි වුණා. පවතින තත්ත්වය මුද්‍රණ කර්මාන්තයට බලපා ඇත්තේ කෙසේදැයි නෙත් නිවුස් සොයාබැලීමක් කළා. මේ, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සමන්ත ඉන්දීවර.
ඔහු කියා සිටියේ පවතින කඩදාසි හිඟය හේතුවෙන් ඇතැම් පිරිස් මුද්‍රණ කර්මාන්තයෙන් පවා ඉවත්වී ඇති බවයි.
කඩදාසි අර්බුදය හේතුවෙන් රජයේ මුද්‍රණ කටයුතු සිදුකරන රජයේ මුද්‍රණාලයේ තත්ත්වය සම්බන්ධයෙන් ද නෙත් නිවුස් සොයාබැලීමක් සිදුකළා. රජයේ මුද්‍රණාලයාධිපතිණී ගංගානි කල්පනී පැවසුවේ අවශ්‍ය තරම් තොග මුද්‍රණාලය සතුව පවතින බවයි. ආනයනය තරමක් ප්‍රමාද වුවද වසරකට ප්‍රමාණවත් කඩදාසි මුද්‍රණාලය සතුව ඇතැයි ඇය සඳහන් කළා.
(Neth)