Tuesday, July 08, 2025
Follow Us
කෙරවලපිටිය විදුලි බලාගාරය නවතියි

දැවිතෙල් නොමැති වීමෙන් විදුලි ජනනය කටයුතු නතර ‌කෙරේ


කෙරවලපිටිය විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු නතර වී තිබේ.

ලංකා විදුලි බලමණ්ඩලය සඳහන් කළේ දැවිතෙල් නොමැති වීම හේතුවෙන් කෙරවලපිටිය බලාගාරයේ විදුලි ජනනය කටයුතු මෙලෙස නතර කර ඇති බවයි.

මේ අතර පසුගිය දින 12ක කාලයක සිට කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන රැගත් නෞකාවකට ඇමරිකානු ඩොලර් මිලියන 42 ක මුදලක් ගෙවූ බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉන්දීය ණය ආධාර යටතේ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 35,000ක් රැගත් තවත් නෞකාවක් ද දිවයිනට පැමිණ ඇති බවයි බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරිය පැවසීය.

(Aruna)