Friday, February 06, 2026
Follow Us
කොළඹ – නුවර මහපාරේදීම වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කරලා !

කඩවත ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ඊයේ (24) රාත්‍රියේදී කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩවත, මහර, 9 කණුව ප්‍රදේශයේදී යතුරු පැදියකින්ම පැමිණි දෙදෙනෙකු විසින් ටී 56 ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලද දෙදෙනාගෙන් එක් අයෙකු කොළඹ ජාතික රෝහලට ද අනෙක් පුද්ගලයා කිරිබත්ගොඩ රෝහලට ද ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව සඳහන්.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකු සහ 31 හැවිරිදි අයෙකි.

වෙඩි ප්‍රහාරය එල්ල කළ ඝාතකයින් පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර කඩවත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

(LNW)