Wednesday, July 09, 2025
Follow Us
නිල් පාට ගෑස් සිලින්ඩරයත් රු. 4500ට අලෙවි වෙයි

ගෑස් වැඩි මිළට විකුණුවයි කොටගල නගරයේ උණුසුම් තත්ත්වයක්


කොටගල නගරයේ ගෑස් අළෙවි වෙළෙදසැලක ගෑස් විඩි මිළට විකිණීමට විරෝධය පාමින් කොටගල නගරය හා ඒ අවට වතුවල වතුකම්කරුවන් විශාල හැටන් -නුවරඑළිය ප්‍රධාන මාර්ගය හරස් කරමින් අද (24) විරෝධතාවයක නිරතවුහ.

මෙම විරෝධතාවය අතරතුර විරෝධතාකරුවන් හා ගෑස් වෙළෙදසැලේ පිරිස් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් පැවැතිණි.

කොටගල නගරයේ එක් ගෑස් අළෙවි නියෝජිත වෙළෙදසැලක ලිට්රෝ වර්ගයේ ගෑස් සිලින්ඩරයක් රුපියල් 4500 ක මුදලකට අළෙවි කරන ලද බවත් එම ගෑස් වර්ගය වැඩි කර නොතිබියදී මෙසේ මිළ වැඩිකර විකිණීම හේතුවෙන් එම මිළට ගෑස් ලබා ගත් පුද්ගලයන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි විරෝධතාවයේ නිරත පිරිස් මෙහෙදී පැවැසුහ.
වැඩි මිළට ගෑස් අළෙවිකරන ලද වෙළෙදසැල ජනතා විරෝධතාවය මතුවීම හේතුවෙන් වෙළෙදසැල් හිමියා එය වසා දමා පිටව ගොස් තිබිණි.

හැටන්- නුවරඑළිය මාර්ගය කොටගල නගරයෙන් විරෝධතාකරුවන් ගෑස් සිලින්ඩර් හරස් කරමින් විරෝධතාවයේ නිරතව සිටි අතර, පසුව දිඹුලපතන පොලීසියේ නිලධාරීන් පැමිණ වැඩි මිළට ගෑස් අළෙවි කරන ලද වෙළෙදසැල විවෘත කොට නියමිත මිලට ගෑස් ලබාදීමට පියවර ගන්නා ලදි.

(Aruna)