ඩොලර් නොමැතිවීම හේතුවෙන් මුදා ගැනීමට නොහැකිව වරායේ ගොඩ ගැසී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බහාලුම් මුදා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් මතුව තිබෙනවා.
ඉන්දීය ණය ආධාර යටතේ එරටින් ආනයනය කළ බහාලුම් මුදා ගැනීම සඳහා රජය විසින් වැඩපිලිවෙලක් සකස් කළද එය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් උද්ගතවී ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. මෙවැනි වැඩපිලිවෙලක් ප්‍රථමවතාවට ක්‍රියාත්මක වන බැවින් ඒ සඳහා මුදල් අමාත්‍යංශයේ නිලධාරියෙකු ගෙන්වාගෙන තමන් වෙත යම් පැහැදිලි කිරීමක් සිදුකර ගැනීමට අවශ්‍ය බවයි එම ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ.
ඒ සඳහා දැනටමත් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබෙන අතර එම පැහැදිලි කර ගැනීමෙන් අනතුරුව කඩිනමින් මෙම භාණ්ඩ මුදා ගැනීම සිදුකරන බවයි අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.
(Neth)