Friday, February 06, 2026
Follow Us
ප්‍රදේශ කිහිපයකට වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුවෙන් නිවේදනයක්


අද (24) උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසු ව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව නිවේදනය කරනවා.

උදෑසන කාලයේ දී බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි යි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

(Aruna)