කෙරවලපිටිය පර්යන්තයේ ප්‍රමාණවත් ගෑස් සංචිත තියෙනවා
මෙරටට මේ වනවිට ප්‍රමාණවත් ගෘහස්ත ගෑස් සංචිතයක් කෙරවලපිටිය පර්යන්තය සතුව පවතින බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පැවසුවේ ඉදිරි දින 10 ඇතුළත ගෘහස්ත ගෑස් සිලින්ඩරය මිලියනයක ප්‍රමාණයක් බෙදාහැරීම සිදුකෙරෙන බවයි.
මේ අතර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද අවසන් වන තුරු ලිට්‍රෝ ගෑස් මිල වැඩි නොකිරීමට එම සමාගම ඊයේ(22) තීරණය කර ඇත.
ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ පැවැත් වූ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකින් රුපියල් 1500ක පමණ පාඩුවක් ලබන බව මෙහි දී සාකච්ඡා වී තිබේ. එළැඹෙන සෙනසුරාදා (26) වන විට වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය අවසන් වන බවද ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරයි.
(Aruna)