Friday, February 06, 2026
Follow Us
ගර්භිනී බිරිඳගේ කුසගින්නට කොස් ගෙඩියක් කැඩූ සැමියා පිහි පහරින් මරුට

කොස් ගෙඩියද ? මිනිස් ජීවිතයද?


කොස් ගෙඩියක් කඩාගත් පුද්ගලයෙකුව තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ පුවතක් ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 34ක් වන ඇල්පිටිය පිටුවල මාර්ගයේ 2කණුව ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකි.

මියගිය පුද්ගලයාගේ සහෝදරයා පැවසුවේ තම සහෝදරයාගේ බිරිය ගර්භණී තත්ත්වයේ පසුවන බවත්, කුසගින්න වෙනුවෙන් අනුන්ගේ පාළු ඉඩමක මායිමේ ඇති කොස් ගසකින් ගෙඩියක් කඩාගත් බවයි.
එය දුටු අසල්වැසියෙකු බහින් බස්වීමකට ආ බවත්, එය දුරදිග යාමෙන් අනතුරුව අසල්වැසියා කොස්ගෙඩිය කඩාගත් පුද්ගලයාට පිහියකින් ඇන තිබේ.

තුවාල ලැබූ පුද්ගලයා ඇල්පිටිය රෝහලට රැගෙන යමින් සිටියදීම ජීවිතක්ෂයට පත්ව ඇත.

(Aruna)