සත්ත්ව නිෂ්පාදන අමුද්‍රව්‍යවල හිගය බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ යාමට බලපා ඇති බව සමස්ථ ලංකා කුකුල් ව්‍යාපාරිකයේනගේ සංගමය පවසනවා. එහි සභාපති අජිත් ගුණසේකර පැවසුවේ එම කර්මාන්තය සඳහා අවශ්‍ය අමුදව්‍ය හිගය තවදුරටත් පැවතිය හොත් වෙලඳපල ඉල්ලුමට සරිලන පරිදි බිත්තර සහ කුකුළු මස් සැපයිමට ඉදිරියේදී නොහැකි වනු ඇති බවයි.
පවතින ගැටළු හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපල හිමියන් එම කර්මාන්තයෙන් ඉවත් වීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇති බව ද මෙහිදී වැඩිචුරටත් ප්‍රකාශ කෙරුණා.
(Neth)