Sunday, February 22, 2026
Follow Us
පෙර සමාගමෙන්ම තවත් චීන පොහොර තොගයක් මෙරටට

ඉදිරි යල කන්නය සඳහා චීන කාබනික පොහොර යළි මෙරටට ගෙන එන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ පවසනවා. මෙලෙස මෙරටට රැගෙන ඒමට නියමිතව ඇත්තේ ද ඉකුත් වර ලෝකයේම දැඩි ආන්දෝලනයට තුඩුදුන් කාබනික පොහොර තොගය ආනයනය කළ සමාගමෙන්මයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙම පොහොර තොගයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මෙරටදී මෙන්ම විදේශ රටවලදී ද පරීක්ෂණ සිදුකරන බවයි.

මෙරට යල කන්නයට ලබාදෙන්නේ ගුණාත්මකභාවයෙන් යුත් පොහොර පමණක් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ඉදිරි යල කන්නයේදී කුඹුරු හෙක්ටයාර ලක්ෂ 05 ක් වගා කිරීමට අපේක්ෂිතයි. ඒ සඳහා අවශ්‍ය පොහොර, දිලීර නාශක හා පළිබෝධ නාශක හිඟයකින් තොරව ලබාදෙන බවයි කෘෂිකර් අමාත්‍යංශය පැවසුවේ.

එළවළු, පළතුරු, බඩ ඉරිඟු වැනි සෙසු භෝග වගා කිරීම සඳහා අවශ්‍ය පොහොර ආනයනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. කාබනික පොහොර සඳහා පොහොර සහනාධාරය ද මෙවර ක්‍රියාත්මකයි.

(Neth)