Tuesday, July 08, 2025
Follow Us
ඉන්ධන පෝලිමේන් වාර්තා වන මරණ සංඛ්‍යාව ඉහළට

සිවු වැනි මරණයත් වාර්තා වේ


ඉන්ධන පෝලිම්ක සිටිය දී මියගිය සිවුවැනි පුද්ගලයාගේ මරණය අද වාර්තා වූයේ මීරිගම ප්‍රදේශයෙන්.

මීරිගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට පැමිණි පුද්ගලයෙකු තමන් ලබාගත් ඉන්ධන බූලි ත්‍රී රෝද ‍රථයකට පැටවීමට උත්සාහ කිරීමේ දී ඔහු පිරවුම්හල් පරිශ්‍රය තුළ ම ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මිය ගිය පුද්ගලයා ඉන්ධන බූලි තුනක් රැගෙන පිරවුම්හලට පැමිණ ඇති අතර ඉන්ධන පුරවා ගැනීමෙන් අනතුරු ව එයින් දෙකක් ත්‍රිරෝද රථයට පටවා තුන් වැනි ඉන්ධන බූලිය පැටවීමට යාමේ දී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත්තේ.

මෙලෙස ඉන්ධන පිරවුම්හල් පරිශ්‍රය තුළ ඇදවැටුණු පුද්ගලයා වහාම මිරිගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දී ඔහු මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ මීරිගම ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය සඳහන් කළා.

(Aruna)