Thursday, March 26, 2026
Follow Us
සංචාරක වීසා මත මෙරටට පැමිණ සේවය කරමින් සිටි ඉන්දියානු ජාතිකයින් 44 දෙනෙකු අත්අඩංගුවට

සංචාරක වීසා මත මෙරටට පැමිණ කොළඹ කොම්පඤ්ඤ විදිය ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීමේ ස්ථානයක සේවය කරමින් සිටි ඉන්දියානු ජාතිකයින් 44 දෙනෙකු අද (05) ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය අත්ඩංගුවට ගෙන ඇත.

මෙම ගොඩනැගිලි ඉදිකිරීමේ ස්ථානය සම්බන්ධයෙන් දින දෙකක කාලයක් ආවේක්ෂණය කිරීමෙන් පසුව අද අළුයම 5.00 ට පමණ මෙම මෙහෙයුම දියත් කර ඇත.

ඔවුන්ට මෙරට රැඳී සිටීමට ලබාදී තිබු විසා කාලය මාස 2-3 අතර ඉක්මවා සිටීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර

එම ඉන්දියානු ජාතිකයින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බව පවසා මෙරටට පැමිණ ඇති බව හෙළිවී ඇති අතර ඔවුන් සේවය කරනු ලබන කොන්ත්‍රාත් සමාගම විසින් පසුගිය මාස දෙකක කාලය සඳහා වැටුප් පවා ගෙවා නොමැත.

ඒ බව අදාළ ඉන්දියන් ජාතිකයින් ප්‍රකාශ කල බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ නියෝජ්‍ය පාලකයවරයා සඳහන් කළේය.

අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අද දිනයේදී මිරිහාන විශේෂ රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

(Aruna)