Wednesday, October 23, 2024
Follow Us
කාන්තා දුම්රිය මැදිරියේ පැමිණි පුද්ගලයින් 10 දෙනෙක් අත්අඩංගුවට

මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියේ කාන්තාවන් සඳහා වෙන්වූ මැදිරියේ ගමන් ගත් පුද්ගලයින් 10 දෙනෙකු දුම්රිය ආරක්ෂණ අංශය මගින් අද (05) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙන් කර ඇති මැදිරිවල අනවසරයෙන් ගමන් කිරීම මොවුන්ට විරුද්ධව එල්ල වී ඇති චෝදනාවයි.

දුම්රිය ආරක්ෂණ අධිකාරී අනුර ප්‍රේමරත්න සඳහන් කර සිටියේ සිටියේ අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් අතර අද පෙරවරුවේ සිය රාජකාරි සඳහා කාර්යාලවලට පැමිණෙන පුද්ගලයින්ද සිටි බවයි.

ඔවුන්ගෙන් එක් පුද්ගලයෙකු ගෙන් රුපියල් 1500 ක් සහ අනෙක් පුද්ගලයින් ගෙන් රුපියල් දහස බැගින් වූ රජයේ ගාස්තු අය කළ බවයි දුම්රිය ආරක්ෂණ අධිකාරී අනුර ප්‍රේමරත්න වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

(Neth)