කැරට් 22 රන් පවුම 150,000 දක්වා ඉක්මවයි
මෙරට රත්‍රං වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (18) පස්වරුව වන විට රුපියල් 150,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
කොළඹ හෙට්ටිවීදිය රන් නිෂ්පාදකයින් පැවසුවේ ආභරණ තැනීම සදහා රන් හිගයක් මේ වන විට නිර්මාණය වී ඇති බවයි.
රත්‍රං ආනයනය ඩොලර් නොමැතිවීම එම තත්ත්වයට හේතුවී ඇත.
අද දිනයේ කැරට් 24 රන් පවුමක් රුපියල් 160,000 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ලෝක වෙළෙඳපොලේ රත්තරන් අවුන්සයක මිල ඩොලර් 2000 ආසන්න වී තිබේ.
(Aruna)