Sunday, February 22, 2026
Follow Us
පාසල් සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අනතුරක

සිසුන් 15ක් රෝහල් ගත කරේ


පාසල් සිසුන් පිරිසක් රැගෙන මාතර සිට ගමන් කරමින් තිබූ බස් රථයක් වලස්මුල්ල හඳුගල හිඟුරුවත්ත ප්‍රදේශයේදී අනතුරට ලක්වී තිබේ.

අනතුරෙන් සිසුන් 15කට වැඩි පිරිසක් සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

එම බස් රථයේ සිසුන් 30කට ආසන්න පිරිසක්, ගුරුවරුන් දෙදෙනෙක් සහ දෙමව්පියන් 6 දෙනෙක් ගමන් කර තිබුණි.

බස් රථයේ තිරිංග අක්‍රියවීමෙන් ගසක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

(Aruna)