Tuesday, July 08, 2025
Follow Us
ජාතික රෝහලත් දර ලිපට බහී

නේවාසික රෝගීන්ගේ ආහාර ගැන බියක් තබාගන්න එපා


දැනට රටපුරා පවතින උග්‍ර ගෑස් හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි ද දර ළිප් සූදානම් කර ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ගෑස් හිඟය හේතුවෙන් රෝහලේ මුළුතැන් ගෙට ගෑස් සැපයීම කොයි මොහොතේ නතර ‍වේද යන්න නොදන්නා බැවින් දර ළිප සූදානමින් තබා ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

ගෑස් නැති හේතුවෙන් රෝගීන්ට ආපනශාලාවෙන් හෝ පිටත අලෙවි සලකින් හෝ ආහාර මිල දී ගැනීමට නොහැකි තත්ත්වක් උදා වී ඇති අවස්ථාවක දර ළිපක් හෝ භාවිත කර ආහාර පිස දීම ඉතාමත් වැදගත් බැවින් මෙම පියවර ගත් බව ඔහු පැවසීය.

එහෙයින් නේවාසික රෝගීන්ට ආහාර පිළිබඳ කිසිදු බියක් ඇතිකර ගත යුතු නැතැයි ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් අනාවරණය කළේය.

(Aruna)