විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ නවතම සොයා ගැනීම
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම පාලනය සඳහා වෛරස විනාශ කළ හැකි තොප්පියක් හඳුන්වා දීමට තමන්ට හැකිවූ බව විශේෂඥ වෛද්‍ය සනත් හෙට්ටිගේ පවසයි.
රසායනික ද්‍රව්‍ය ගලවන ලද තොප්පිය භාවිත කිරීමෙන් හිස, ගෙල සහ නළල ප්‍රදේශයට පතිතවන වෛරස ස්වසන මාර්ගයට ඇතුළු වීම අවම කරගත හැකි බව ඔහු පවසා ඇත.
මීට පෙර විශේෂඥ වෛද්‍ය සනත් හෙට්ටිගේ ඩෙංගු මර්දනය සඳහා ගස්ලබු කොළ භාවිත කර ඖෂධයක් හඳුන්වා දුන් අතර ඒ වෙනුවෙන් ඔහුට වෛද්‍ය විද්‍යාවේ හොඳම සොයා ගැනීමට හිමි ජනාධිපති සම්මානය 2016 වසරේදී හිමි විය.
(Aruna)