Sunday, February 22, 2026
Follow Us
ඉන්ධන පිරවුම්හල් අසළ තවදුරටත් දිගු පෝලිම්

“ඩීසල් හා පෙට්‍රල් නැත”


ඩීසල් වලට අමතරව අද (16) දිනයේ පෙට්‍රල් මිලදී ගැනීම සඳහාද ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ඇත.

අප වාර්තාකරුවන් පැවසුවේ ඉන්ධන හිඟය තවදුරටත් පවතින අතර ඉන්ධන පිරවුම්හල් රැසක ඩීසල් හා පෙට්‍රල් නැත යනුවෙන් සඳහන් පුවරු දැක ගත හැකි වූ බවයි.

ඉන්ධන නොමැති වීම හේතුවෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසක් ඊයේ (15) දිනයේ වසා තැබුණු අතර විවෘත කර තැබූ ඉන්ධන පිරිවුම් හල් අසළ ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලිම් ද දක්නට තිබිණි.
ජනතාව බූලි සහ කෑන් රැගෙන පැය ගණන් දිගු පෝලිමි වල රැදී සිටිනු ද දක්නට ලැබේ.

(Aruna)