Tuesday, July 08, 2025
Follow Us
ඉන්ධන බවුසර් හිමියන් නැවතත් වැඩ

ඇමති සමඟ සාකච්ඡාවෙන් පසු තීරණය වෙනස් වෙයි


ඉන්ධන බවුසර් හිමියන්ගේ සංගමය ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ.

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් එම තීරණය ගෙන තිබේ.

ඛනිජ තෙල් පෞද්ගලික ටැංකිරථ හිමියන්ගේ සංගමය ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ප්‍රවාහනයෙන් ඉවත්වී එම වර්ජනය ආරම්භ කර තිබුණි.

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් සිය ගාස්තු සියයට 60කින් ඉහළ දමන ලෙස ඛනිජ තෙල් සංස්ථාවෙන් කළ ඉල්ලීමට නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් එම තීරණයට එළඹි බව එහි සම ලේකම් ඩී.වී.එස් සිල්වා මහතා පැවසුවේය.

(Aruna)