Sunday, February 22, 2026
Follow Us
ඩීසල් අතුරුදහන් වෙන හැටි හෙළිවෙයි

හොර රහසේ ඉන්ධන සපයන අයුරු


කොළඹ ජේතවනාරාම පාර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඉන්ධන නොමැති බවට දන්වා පුවරු අලවා තිබියදී පෞද්ගලික ආයතනයක් වෙත හොර රහසේ ඉන්ධන සපයන අයුරු දැකගත හැකිවිය.

අදාළ සිද්ධිය ප්‍රදේශවාසියෙක් සිය ජංගම දුරකථනයකින් පටිගත කර තිබුණි.

එහිදී අදාළ ඉන්ධන පිරවුම්හලේ සේවකයා සහ ජනතාව අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

එහිදී ජනතාව සඳහන් කළේ, “ඩීසල් නෑ කියලා බෝඩ් ගහලා මොකක්ද මේ කරන බලු වැඩේ. කොහෙටද ඔය ඩීසල් ගෙනියන්නේ. නවත්වනවා ඕක. ලීටර් 8,000කට වැඩිය ගහලා.”

(Aruna)