Tuesday, July 08, 2025
Follow Us
ඉන්ධන ප්‍රවාහනයත් නවතී

ඉන්ධන ප්‍රවාහන ටැංකි හිමියන් වර්ජනයේ


ඊයේ(15) මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් ප්‍රවාහන කටයුතු වලින් ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පැවසීය.

ඉන්ධන බෙදා හැරීම වෙනුවෙන් ප්‍රවාහන ගාස්තු සියයට 60කින් ඉහළ දමන ලෙස සංස්ථාවේ පාලන අධිකාරියෙන් කළ ඉල්ලිමට ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් ඊයේ හවස රැස්වූ සංගමයේ මධ්‍යම කාරක සභාව මෙම තීරණයට එළැඹි බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන බෙදා හරිනු ලබන පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පවසා තිබේ.

ඉන්ධන මිල වැඩිවිම සහ ඩොලරය ඉහළ යාමට අමතරව ලිහිසි තෙල් සියයට 75 කින් ඉහළ යාම, ටයර් මිල වැඩිවීම ඇතුලු කරුණු කිහිපයක් නිසා මෙම ප්‍රවාහන ගාස්තු වැඩිවීමට ඉල්ලීමක් කළ බවද දින දෙකක් තුළ විසදුමක් නොලැබීම නිසා ඉන්ධන බෙදා හැරීමෙන් ඉවත්වීමට තීරණය කළ බවත් ඔහු කීය.

මෙරට ඛනිජ තෙල් ප්‍රවාහනයේ 80% ක පමණ භාරයක් දරනු ලබන්නේ පෞද්ගලික ටැංකි රථ හිමියන් විසිනි.

(Aruna)