Tuesday, July 08, 2025
Follow Us
නිමි ඇඳුම් මිලත් ඉහළට

නිමි ඇඳුම් කර්මාන්තය දැඩි අර්බුදයක


අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් සියලුම නිමි ඇඳුම් මිල 30–31%ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට සිදුව තිබෙන බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පමණ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.

අමුද්‍රව්‍ය ගෙන්වීමේදී අඩි 40ක කන්ටේනරයක් වෙනුවෙන් ප්‍රවාහන ගාස්තු ලෙස මෙතෙක් නැව් සමාගම් අය කර ඇත්තේ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වන අතර මේ වනවිට එය රුපියල් ලක්ෂ දහයකට ආසන්න වී තිබෙන බව එම සංගමය පවසයි.

භාණ්ඩයක් වශයෙන් ගෙන්වීමේදී වර්ග අඩියකට අය කළ රුපියල් 6,000ක මුදල රුපියල් 25,000කට ආසන්න වී තිබෙන බවද ඔවුන් සඳහන් කරයි.

පවතින තත්වය තුළ දේශීය නිමි ඇඳුම් කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බවත් මේ හේතුව නිසා දහස් ගණනකට රැකියා අහිමි වෙමින් තිබෙන බවත් එම සංගමයේ සභාපති නිරුක්‍ෂ කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

(Aruna)