Sunday, February 22, 2026
Follow Us
ඩොලරය වැඩි වීමෙන් රටේ ඉදිකිරීම් නතර වන ලකුණු

ඩොලර් අර්බුදය හේතුවෙන් මෙරට ඉදිකිරීම් කර්මාන්තයට ද තවදුරටත් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. ඉදිකිරීම් කර්මාන්තකරුවන් පැවසුවේ අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම මීට ප්‍රධානතම තත්ත්වය බවයි.

සිමෙන්ති මිල ඉහළ ගියද සැපයුම තවමත් ප්‍රමාණවත් නොවන බව ඉදිකිරීම් කර්මාන්තකරුවන් පවසනවා. මේ, ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි.

පවතින තත්ත්වය මත ඉදිකිරීම් කර්මාන්තයේ අනාගතය අවදානම් බවත්, ඒ පිළිබඳ ලබන සතියේ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.

(Neth)