Tuesday, July 08, 2025
Follow Us
ෂොපින් බෑග් හා ලන්ච් ෂීට් මිල ඉහළට

කර්මාන්ත ශාලා පන්සියක් පමණ වැසෙයි


පවතින අමුද්‍රව්‍ය හිඟය හා අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා ෂොපින් බෑග් සහ ලන්ච් ෂීට් මිල ඉහළ දැමීමට කටයුතු කළ බව සමස්ත ලංකා පොලිතීන් නිෂ්පාදකයන්ගෙන් හා ප්‍රතිචක්‍රීකරණය කරන්නගේ සංගමය පවසයි.

රුපියලකට අලෙවි කළ ෂොපින් බෑග් එකක තොග මිල රුපියල් 02ක් දක්වාත් රුපියල් පහකට අලෙවි කළ බෑගයක මිල රුපියල් 09 දක්වාත් රුපියල් දහයකට 10 අලෙවි කළ බෑගයත මිල රුපියල් 17 දක්වාත් ඉහළ දමා තිබේ.

මීට අමතරව රුපියල් 2.50කට අලෙවි කළ පරිසර හිතකාමී ලන්ච් ෂීට් එකක මිල රුපියල් 3.50 දක්වා ඉහළ දමා තිබේ.

මාස තුනක සිට නිසි ලෙස අමුද්‍රව්‍ය ගෙන්වීමට නොහැකි වී තිබෙන බවත්, මේ නිසා කර්මාන්ත ශාලා පන්සියක් පමණ තම නිෂ්පාදන කටයුතු අතරහැර දමා තිබෙන හෙයින් ආසන්න වශයෙන් 15,000කට පමණ රැකියා අහිමි වී තිබෙන බවත් එම සංගමයේ ලේකම් අනුර හේරත් මහතා පැවසීය.

දැනට ක්‍රියාත්මක කර්මාන්ත ශාල 400ක පමණ ප්‍රමාණයටත් දෛනිකව නිෂ්පාදන කටයුතු කිරීමට ප්‍රමාණවත් තරම් අමුද්‍රව්‍ය සොයා ගැනීමට නොහැකි වී තිබෙන බවත්, අමුද්‍රව්‍ය කිලෝවක මිල මේ වනවිට රුපියල් 500 සිට රුපියල් 750 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් ලේකම්වරයා පවසා සිටියේය.

(Aruna)