Sunday, February 22, 2026
Follow Us
සුරංග ලක්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

35 හැවිරිදි ලක්මාල් එංගලන්තයට


ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ඊයේ (14) සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන්නේය.

ඒ ඉන්දියාව සමග පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුවය.

35 හැවිරිදි ලක්මාල් අනතුරුව එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් වන ඩ(ර්)බිෂයර් කණ්ඩායම සමග එක්වීමට නියමිතය.

එම ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරු වූ මිකී ආතර් ය.

දෙබරවැව රේවත මහා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ලක්මාල් අනතුරුව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් මෙරට පාසල් ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වීය.

(Aruna)