ලිට්‍රෝ සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියන දේ
මේ වන විට නැංගුරම් ලා ඇති ගෑස් නෞකා දෙකෙන් එක් නෞකාවක් සඳහා ගෙවීමි සිදුකිරීමට අවශ්‍ය ඩොලර් 14 රාත්‍රියේ බොහෝවිට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ලිට්‍රෝ සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසන්නේ නෞකාවේ ගෙවීම් සිදුකර ඊෙය් රාත්‍රියේ ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වූ බවය.
කෙසේ වෙතත් පවතින ගෑස් හිඟයෙන් පාරිභෝගිකයින් ඊයෙත් දැඩි අපහසුතාවට පත්වුණි.
දිවයිනට ළඟා වී ඇති ගෑස් නැව් සඳහා මුදල් ගෙවීමේ ගැටලු හේතුවෙන් ප්‍රමාණවත් තරම් ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් නොකෙරෙන වාතාවරණයක් මතුව තිබේ.
ඒ හේතුවෙන් වෙළෙඳපොළ තුළ ගෑස් හිඟය තවදුරටත් පවතී.
දිවයිනේ ප්‍රදේශ බොහෝමයක පාරිභෝගිකයින් ගෑස් ලබාගැනීමට ඊයෙත් පෝලිම්වල රැඳී සිටියේ මේ අයුරිනි.
ඒ අතර ගෑස් අපේක්ෂාවෙන් පැය ගණනාවක් දර්ගා නගරයේ ගෑස් අලෙවිසැලක් අසල පෝලිමේ රැඳී සිටි ජනතාව මතුගම – අලුත්ගම මාර්ගය දර්ගා නගරය ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවක නිරත වුණි.
අද දෙරණ වාර්තාකරු පැවසුවේ ඊයෙ දින ගෑස් ලබාදෙන බවට පවසා තිබුණත් ගෑස් අලෙවිසැල විවෘත නොකිරීමට විරෝධය පළ කරමින් පිරිස මෙලෙස විරෝධතාවයේ නිරත වූ බවය.
ගෑස් හිඟය හමුවේ අලෙවිසැල් බොහෝමයක් වසා දමා ඇති අයුරුද දක්නට ලැබුණි.
(Aruna)