Sunday, February 22, 2026
Follow Us
පුෂ්පිකාගේ විවාහක රූ රැජිණ කිරුළේ නඩුව කැදවීමට දින නියම කෙරේ

කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පසුගිය වසරේ පැවති විවාහක රූ රැජිණ තරඟයේදී කිරුළ දිනාගත් පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ, කලහකාරී ලෙස ගලවා තුවාල සිදු කළේ යැයි කියන තවත් විවාහක රූ රැජිනක් වන කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර යන අයට එරෙහිව කුරුදුවත්ත පොලීසිය විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අප්‍රේල් මස 04 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඒ, එම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ ඉදිරියේ අද කැදවූ අවස්ථාවේදීයි.

කුරුදුවත්ත පොලීසිය එහිදී අධිකරණයට දන්වා සිටියේ මෙම පැමිණිල්ල සමථ මණ්ඩලය වෙත යොමු කර ඇති බවයි. ඒ අනුව පාර්ශ්වකරුවන්ට සමථ මණ්ඩලය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අනතුරුව පැමිණිල්ල අප්‍රේල් මස 04 වනදා කැඳවන ලෙස නියෝග කළා.

(Neth)